නාග කන්‍යාව💀💀

නාග කන්‍යාව💀💀

  • Chapter List

    නාග කන්‍යාව💀💀

    නාග කන්‍යාව💀💀


    මේක ලංකාවෙ සිද්ද වෙච්ච ඇත්තම කතාවක්...නම් ගම් හෙලි කරන්න නම් බැ... එක්තරා ගමක පුංචි පවුලක් ජීවත් උනා...මේ පවුලට දරුවො හිටියෙ නැ...ඉතිං ⁣දරුවෙක් බලා පොරොත්තුවෙන් හිටිය...

    මේ දෙන්න නොගිය දේවාලයක් පංසලක් නැති තරම්... කාලයක් යද්දි ඒකත් එපා උනා...දවසක් මෙයාලට මුන ගැහෙනව හාමුදුරු නමක්...මේ අයගෙ ප්‍රශ්නය හාමුදුරුවන්ට කිවුට පස්සෙ...හාමුදුරුවො මෙයාලට කියනව...

    ගෙදර පත්තිනි මෑනියන්ට පහන තියන්න කියල...ඉතිං ඒකත් කරල බලනව කියන අදහසින්...බොහොම සත් සිතින් මේගොල්ලො පහන තියන්න පටන් ගන්නව...මාස දෙක තුනක් ගත වෙනකොට..දවසක් මේ බිරිදට හීනයක් පේනව..සුදු නාගයෙක් බිරිදගෙ බඩ සපා කනව...

    ඊට ටික දවසකට පස්සෙ මේ බිරිද ගැබ් ගන්නව...එයාලට සතුට කියල නිම කරන්න බැරි තරම්... ඉතිං පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් ඇයට දරුවෙක් ලැබෙන නිසා...නවගමුව මහා පත්තිනි දෙවාලයට පූජා වට්ටියක් පූජා කරල සතුටින් ඉන්නව... මාස නවයක් ගත උනා...

    දරුව ලැබුන...ඒ ලස්සනම ලස්සන බිලිඳියක්...මේ ලස්සන දැරිවිට ලස්සනම ලස්සන නමකුත් තිබ්බ....ටික ටික කාලය ගත වුනා...කෙල්ල දැං ලොකුයි...මල් වර දිනයත් උදා උනා...උත්සවේ ජයට නැතත් සාමාන්ය විදියට ගත්ත...කෙල්ලට වතුර කලේ නාවන වෙලාවෙ සුදු ඇදගත් කාන්තවක් ඇතින් ඉදන් බලන් ඉන්නව පෙනුන...

    එතනින් පස්සෙ හැමදාම...ලිඳ ලග නානකොට...පේන්න ගත්ත...දවසක් මේ දැරිවිගෙ කකුලට සර්පයෙක් දෂ්ට කරා...ඒත් පුදුමෙ කියන්නෙ මේ දැරිවිට ඒ සතාගෙ විස නැ...⁣ඊට පස්සෙ දවසක කකුලෙ කටුවක් ඇනිල අම්මට කිවුව ගන්න කියල...

    අම්ම යටි පතුල දකිද්දියි දෙවියො සිහි උනේ...යටි පතුලෙ බුලත් කොලේකට සමාන රේකා තිබුන...ඊට පස්සෙ අම්ම බැලුවෙ අත් දෙක...දකුණු අතේ රේකා නාගයෙකුගෙ හිසක් ආකරයෙනුයි තිබුනෙ...ඉතිං මේ අම්ම දැරිවි එක්ක පන්සලකට යනව...

    පන්සලේ ලොකු හාමුදුරුවො දැරිවිව පරික්ෂා කරල කියනව...කෙල්ල නාග කන්‍යාවක් හොදට පරිස්සම් කරන්න වෙයි කියල...පත්තිනි මෑනියන්ගේ ආශිර්වාද ඇති මේ නාග කන්‍යාව..මහා බලසම්පන්න බව හාමුදුරුවො දැනන් හටිය...

    ටික කාලයක් යනකොට කෙල්ලගෙ ඇගට ආරූඩයක් එන්න ගත්ත...මේ දැරිවි මොනවද භාෂාවකින් කියවනව..බුදු පහන ලඟට බඩ ගාගෙන ගිහින් වන්දනා කරල ආරෑඩය නැති වෙනව...මේ ආරෑඩය ගැන දැනගන්න දේවාලෙක්ට ගිය මේ කට්ටිය..දරුනු කපුවෙක්ට අහුවෙනව...

    දැරිවිව බිල්ලට දුන්නොත් ගැමුණු රජුගෙ කාලයේ සිටි නා රජුගෙ දනය වස්තුව ගත හැකි බව දැනගන්න මේ කපුව...කූට උපක්‍රමයක් යොදනව...දැරිවිව පැහැරගෙන යන කපුව නිදානය තියෙන තැනට දැරිවිව ගෙනියනව...මන්තර ජප කර කඩුවක් ගෙන දැරිවිගේ ගෙල කපන්නට සැරසෙන..

    කපුවට දැකගන්න ලැබෙන්නෙ..නාග පත්තිනි මෑනියන්ගෙ වියරු රෑපයයි...තම අත ඇති කඩුවෙන්ම තමන්ගෙ ගෙල කපා ගැනීමට අන කරන...නාග පත්තිනි මෑනියො...දැරිවිට නිදහස ලබා දෙනව...ඔය සිද්දිය සිද්ද වෙලා අවුරුදු තුනකට පස්සෙ...මේ දැරිවි සම්බන්දයක් ඇති කරගන්නව..

    කොල්ලෙක් එක්ක...මේ කොල්ල සල්ලාලයෙක්..කෙල්ලන් අනාත කරල අත අරින මේ කොල්ල..අර දැරිවිවත් කැලේකට අරං යනව...දැරිවිගේ ඇගට අතවත් තියන්න ලැබෙන්නෙ නැ...නාගයෙක් පැමින කොල්ලගෙ කකුලට දශ්ට කරනව... එදයින් පස්සෙ මේ දැරිවි තනි වෙලාමයි ඉන්නෙ...අම්ම තාත්ත මේ ගැන දැනගෙන හිටියත්..

    මුකුත්ම කියන්නෙ නැ...ටික කලකින් දැරිවි තමන්ගෙ දින පොත පංසලට බාර දෙනව...බාර දිල එයාල ඈත පලාතකට පදිංචියට යනව... කාලෙකට පස්සෙ ආරංචි වෙනව මේ හාමුදුරුවන්ට මේ දැරිවිව බිල්ලකට දීල කියල...

    ඒ පාපතර වැ⁣ඩේ කරපු උංව පොලීසියෙං අල්ලල...ඒත් හිර් ඇතුලෙදිම නයෙක් දශ්ට කරල එක එකා මැරිල... මේ දැරිවි නැවතත් පවුලක ඉපදිලා ඉන්නවලු...නාග කන්‍යාවක් විදියටම...ඒ විස්තර දෙන්න බැ කිවුවෙ ඒකයි... කතාව හොදනම් කියන්න..අඩු පාඩු ඇති තරහ වෙන්න එපා...තව කතා ලියන්න ඔයාලගෙ අදහස් වටිනවා

     

    Country:
    Jepang
    Author:
    Harawata Saizou
    Artist:
    zunta
    Chapter:
    ?
    Published:
    2022
    Tags:
    Erotica, Sexual Violence, Reincarnation, Loli, Action, Psychological

    You may also like

    Comments [0]