ආත්මයක  වියරුව- holman katha

ආත්මයක වියරුව- holman katha

  • Chapter List

    ආත්මයක වියරුව- holman katha

    " කවුද උඹ ...ඇයි අපිට මෙහෙම කරදර කරන්නේ ...අපෙන් මොනාද උඹට ඕනේ ..."

    " උඹ උඹේ ජීවිතයට වගේම උඹේ දරුවාගේ ජීවිතයට ආදරෙයි නම් කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි ... උඹ දන්නවා නේද විපුලව ... උඹ මේ දැන්ම ඌගේ ගෙදර වත්තට ගිහින් ඒ වත්තේ හතර කොනේ වළලලා තියෙන මුට්ටි හතර අරගෙන බිඳිලා දාන්න ඕනේ ...ඊට පස්සේ උඹ නිදහස්... මම ආයෙත් එන්නේ නැහැ උඹට කරදර කරන්න..."

    " ඒත් මම කොහොමද එහෙම අනුන්ගේ ගෙදරකට ගිහින් එහෙම දෙයක් කරන්නේ ..."

    " මේ අහපන් ... විපුල මේ වෙලාවෙ ගෙදර නැහැ ...ඌ අද වැඩට යන්නේ නැතුව නිවාඩු අරන් ඌගේ ගෑනිගේ ගෙදර ගියා... ඒ මගේ කරදරයෙන් නිදහස් වෙච්ච හින්දා ගෑනිව ගෙදර එක්කන් එන්න ... උන් දෙන්නා ගෙදර එද්දී මම ආපහු ඒ ගෙදර ඉන්න ඕනේ ...මේ වතාවේ මම උන් දෙන්නට හොඳ පාඩමක් උගන්වනවා ..."

    " ඔයා කවුද ...ඇයි ඒ මිනිස්සුන්ගෙන් පලිගන්න හදන්නේ ..."

    " මම තමයි විපුලගේ අම්මා ...මාව කුප්පියක හිර කරලා වත්තේ හතර කොණ ආරක්ෂා කරලා ඊයේ රෑ විපුල තමයි කුප්පිය ගෙනත් උඹලාගේ මිදුලට දාලා ගියේ ...උඹ කුප්පිය අරිනවා එක්කම මගේ ආත්මය නිදහස් වෙලා ආයෙත් විපුලගේ ගෙදරට ගියා...ඒත් මට වත්තට යන්න බැහැ මාව පිච්චිලා යනවා වගේ දැනෙන්න ගත්තා ... ඒ වෙලාවෙ තමයි විපුල ගෙදරින් එළියට බැහැලා කොහෙද යන්න ගියේ ...ඌ ඒ වෙලාවෙ ඌගේ ගෑනිට කතා කරලා කිව්වා අම්මාගේ කරදර ඉවරයි ගෙදර එන්න ලෑස්ති වෙන්න මම එක්කන් යන්න එනවා කියල ... මට ඕනේ ආයෙත් උන් ළඟට ගිහින් උන්ගෙන් පලිගන්න..."

    " හොඳයි මම කියපු දේ කරන්නම් ... එතකොට මෙහෙන් යනවා නේද ? මගේ දුව මේ වෙලාවෙ ගෙදර නැහැ ...එයා හිටියා නම් ගොඩක් බයවෙනවා... මම එයා එන්න ඉස්සෙල්ලා කියපු දේ කරන්නම් ... ඒත් මොකද විපුල ඒ කුප්පිය ගෙනත් අපේ වත්තට දැම්මේ ..."

    " මම උඹට කිව්වානේ මම ඒ මුට්ටි හතර අයින් කරපු ගමන් යනවා කියල ... විපුල උඹේ මිනිහා යටතේ වැඩ කරන්නේ ...උඹේ මිනිහා එක්ක තරහ හින්දයි මේ වැඩේ කරේ ... දැන් උඹ ඉක්මනට මම කියපු දේ කරපන්..."

    බෝනික්කාගේ සිරුරට ඇතුළු වී සිටි මේරිනෝනාගේ ආත්මය තර්ජනාත්මක හඬින් පවසද්දී ඊට අවනත වූ සිතාරා හිදගෙන සිටි බංකුවෙන් නැගිට ඉක්මනින් නාන කාමරයට ගියේ ඇඳුම් මාරු කරගෙන විපුලගේ නිවස වෙත යන්නටයි.

    බෝනික්කාගේ ඇඳුම පුරා සිතාරාගේ රුධිරය තැවරී ඇති බව දුටු සිතාරා නාන කාමරයේ කණ්ණාඩියෙන් බලන විට දුටුවේ ගැඹුරට කැපී තවමත් රුධිරය වහනය වන තුවාලයයි. තුවාලයට බෙහෙත් දමාගෙන ඇඳුම් මාරු කරගත් සිතාරා ඉක්මනින් නිවසින් පිටවී විපුලගේ නිවස දෙසට ඇවිද ගියේ දියණිය නිවසට එන්නට කලින් මේරිනෝනාගේ ආත්මය නිවසින් පිටත් කර රුධිරය තැවරුණු බෝනික්කා පුළුස්සා දැමීමට සිතාගෙනයි .

    තාප්පය බැද ගේට්ටුව දමා තිබූ විපුලගේ ගෙවත්තට සිතාරා ඇතුළු වූයේ අහල පහළ කිසිවෙකුත් නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුවයි . වත්තේ හතර මායිමේ අලුතින් බුරුල් වී ඇති පස් තට්ටු සහිත බිම අතින් හාරා මුට්ටි හතරම ඉවතට ගෙන වත්ත පිටුපස කළු ගලක ගසා බිඳ දැමීමට පැය භාගයක් ඇතුළත සිතාරාට හැකි විය .

    සිතාරාගේ කටයුත්ත හමාර වනවිටම සීතල සුළඟක් ඇය අසළට හමා ඇවිත් ඇය අසළම නතර වනවා ඇයට දැනුණි . ඒ සමඟම ඇය ඉදිරියේ දිස් වූයේ මේරිනෝනාගේ අවතාරයයි .සුදු පැහැති සාරියකින් සැරසී සිටි මේරිනෝනාගේ දෙනෙත් වල තිබුණේ සුදු ඉංගිරියාව පමණි .සිරුර දිය වී මස් කැදලි එල්ලෙමින් තිබුණු බියකරු දසුන දුටු සිතාරා කෑගසන්නට සැරසෙන විට මේරිනෝනාගේ ආත්මය කතා කරන්නට විය .

    " බයවෙන්න එපා ...ආයෙත් මගෙන් උඹලාට කරදරයක් වෙන්නේ නැහැ ... මගේ ආත්මය දැන් තවත් බලවත් වෙලා තියෙන්නෙ ...ඉස්සර මට පුළුවන් මගේ බලයෙන් ගෙදර බඩු මුට්ටු එහාට මෙහාට කරන්න විතරයි ...ඒත් දැන් මට උන් ඉස්සරහට පේන්න යන්නත් පුළුවන් ... උඹ දැන් මෙහෙන් පලයං ...මම ඉතුරු හරිය බලාගන්නම් ..."

    මේරිනෝනාගේ ආත්මය කතා කරන විට මුළු වත්ත පුරාම පැතිර ගියේ දරාගත නොහැකි දුගඳකි. ලැබුණු අවසරයෙන් විපුලගේ වත්තෙන් පිට වූ සිතාරා නිවසට ගිය හැටියේ මුලින්ම කළේ ආත්මය ලැගුම් ගෙන සිටි බෝනික්කා පුළුස්සා දැමීමයි. ඉන් පසුව දියණිය නිවසට ඒමට පෙර ඉක්මනින් ආහාර සකස් කරන්නට වූයේ කිසිවක් සිදු නොවුණු ලෙසයි .

    නාමලී කැඳවාගෙන යළිත් නිවසට පැමිණි විපුලට වත්ත තුළට ඇතුළු වනවිටම දැනුණේ දරාගත නොහැකි මිනී කුණු ගදකි .

    " අම්මෝ විපුල මොකක්ද ඒ ගඳ ..."

    නාමලී ඇසුවේ වත්තට ඇතුළු වනවිටම දැනුණු දරාගත නොහැකි දුගඳ ගැනයි . " අනේ මන්දා නාමලී මම ගෙදරින් යද්දී නම් ඔහොම ගඳක් ආවේ නැහැ ... යමු අපි ගේ ඇතුළට ...මම බලන්නම් මොකක්ද ගඳ කියල ..."

    නාමලී සමඟ නිවස දෙසට යමින් එලෙස පැවසූ විපුල නිවසේ ඉදිරිපස දොර විවර කරද්දී කලින් දැනුණු දුගඳ වඩාත් වැඩියෙන් නිවස තුළින් හමන්නට විය .

    " පුදුම ගඳක් එන්නේ ..."

    එසේ පවසමින් නිවසට ඇතුළු වූ විපුල සහ නාමලී දුටුවේ නිවසේ බඩු මුට්ටු සියල්ල පොළවේ ගසා ඇති අන්දමයි .

    " විපුල මේ මොකද මේ... ඔයා කිව්වා නේද අම්මාව කුප්පියක හිර කරලා අද උදේ මාව බලන්න එද්දී ඒ කුප්පිය මුහුදට දැම්මා කියල ...එහෙම කරා නම් මේ විදියට වෙන්නේ කොහොමද ..."

    නාමලී විමසන විට විපුල සිටියේ කොතැනක හෝ වැරදීමක් සිදුවී ඇති බව සිතමිනි .

    " උඹ කරපු දේ හින්දා මගේ ආත්මය තවත් බලවත් වුණා ... අද ඉඳන් ආයෙත් මම ඉන්නවා උඹලා එක්ක ...ඉස්සර උඹලා මාව දැක්කෙ නැහැනෙ ...දැන් උඹලාට මාව බල බල මම එක්කම ඉන්න පුළුවන් ...හහ් හහ් හා..."

    මේරිනෝනාගේ ආත්මය විපුල සහ නාමලීගේ පිටුපසින් සිටගෙන මහා හඬින් සිනහ නඟමින් කියද්දි මේරිනෝනාගේ ආත්මයේ බියකරු ස්වභාවය පැහැදිලිව දුටු නාමලී සිහිසුන්ව බිම ඇදගෙන වැටුණේ විපුල විසල් කරගත් දෙනෙතින් මේරිනෝනාගේ අවතාරය දෙස භීතියෙන් බලා සිටින අතරේදිය .



    නිමාව.

    Sachini Jayasinghe


    Country:
    Jepang
    Author:
    Harawata Saizou
    Artist:
    zunta
    Chapter:
    ?
    Published:
    2022
    Tags:
    Erotica, Sexual Violence, Reincarnation, Loli, Action, Psychological

    You may also like

    Comments [2]